2016年10月23日日曜日

Visa Tips 「家族滞在」Dependent වීසා



මුලින්ම Dependent වීසා කියන්නේ මොකක්ද? බලමු...

රළව කියුවොත් ජපානේ දිර්ඝකාලීනව රැඳී ඉන්න විදේශිකයෙට තමන්ගේ යැපෙන්නෙක්ව(වීවාහක සහකරු/කාරිය,ළමුන් විතරයි. විශේෂ අවස්ථා වලදී පමණක් දෙමාපියන්) ජපානයට කැඳවීම සඳහා නිකුත් කරන වීසා එක.


මේ වීසා එක හරහා ජපානේ දිර්ඝකාලීන වීසා වර්ග සියල්ලටම පාහේ තමන්ගේ කෙනෙක්ව ජපානයට ගෙන්න ගන්න ඇයඳුම් කරන්න පුළුවන්. ආගමන බියුරෝව සලකා බලන්නේ කාරණා දෙකයි.

1.මුල් වීසා එක සහ යැපෙන්නා විදිහට ගෙන්න කෙනා අතර සම්බන්දය.

2.මුලික වීසා එක දරණ කෙනාට යැපෙන්නෙක්ව නඩත්තු කරන්න තියෙන හැකියාව.


ඔව්, නඩත්තු කරන්න තියෙන හැකියාව කියන එකෙන් බලන්නේ ,මුල් වීසා තියෙන කෙනාගේ ආර්ථික පසුබීම.

ජපානය රැකියාවක් කරවන බලාපොරොතුවෙන් තමන්ගේ යැපෙන්නෙක්ව ගෙන්වන්න උත්සහා දරණවා කියලා ආගමන බියුරෝවට හැගී ගියොත් වීසා එක ප්රතික්ෂේප කරනවා.



ගොඩක් දෙනෙක් පටලව ගන්න තැනක් තමයි මේ 家族滞在/Dependent සහ ජපන් ජාතිකයෙකු හා විවහා වුනාම ලැබෙන 日本人の配偶者/spouse of Japanese national එක හා සමානයි කියන එක.ඒක සම්පුර්ණයෙන්ම වැරැදියි.Dependent වීසා එක Non-work වීසා එකක් සහ මුල් කෙනාගේ වීසා කාලසීමාවට අනුරූපව තමයි නිකුත් කරන්නේ.spouse of Japanese national වීසා එක රැකියා කිරීම සඳහා ආගමන නීතී යටතේ මොනම ආකරයකවත්  සීමාවක් නැති වීසා එකක්.


මේතැනදී පැහැදිලි කරන්න ඕනේ වැදගත් කරුණක් තියෙනවා. තමයි,

Student වීසා වාගේම Dependent විසාත් රැකියාවක නොකලයුතු (non-work)වීසා.

Student කෙනෙක්ගේ හැඳුනුම්පත(在留カード)අරන්න බලන්න.පහල රෑපයේ ආකරයට 就労不可 කියලා ලියලා තියෙනවා දකින්න ලැබේයි. මේ කොටසේ තේරුම මේ විසා එක රැකියා සඳහා භාවිතා කල නොහැකි වීසා එකක් විත්තිය


ගොඩක් වෙලාවට අපි හිතන් ඉන්නේ Student visa = part time work(28hours)

කියලා.මේක සම්පුර්ණයෙන්ම වැරැදියි.ප්රධාන ආගමන නීතීය යටතේ student විසා රැකියා කල නොහැකී විසා එකක් ලෙසයි සලකන්නේහැබැයි ආගමන නීතිය යටතේ අවසර ලැබී තියෙන ක්රියාකරකම් වලට භාහිර කටයුත්තක යෙදෙන්න අවසර ලබා ගැනීමට ඉඩ සලසලා තියෙනවා. යටතේ තමයි 資格外活動証明書/Permission to Engage in Activity Other than that Permitted by the Status of Residence Previously Granted 

එකක් ලබාගෙන තමයි පාර්ට් ටයිම් වල නිරත වීම සිදු වෙන්නෙ. ආගමන බියුරෝව වීසා එක නිකුත් කරලා තියෙන ආධ්යපන කටයුතු වලට හානි නොවන මට්ටමෙන් සතියකට වැඩ කල හැක්කේ උපරිම පැය 28 බව තීරණය කරලා තියෙනවා. (අයිඩී කාර්ඩ් එකේ පිටුපස)මේතැන හොඳට මතක තියා ගන්න ඕන කරුණ තමයි ආගමන නීතිය යටතේ Student වීසා එක කියන්නේ Non work වීසා එකක් විත්තිය. පාර්ට් ටයිම් සඳහා දෙන අවසරය බාහිර කටයුත්තක නිරතවීම සඳහා දෙන සීමාසහිත අවසරයක් විතරක් විත්තිය.


කවුරු හරි කෙනෙක් ඉන්නේ වර්කින් වීසා එකක් යටතේනම් කිසිම ප්රශ්ණක් නැතිව තමන්ගේ යැපෙන්නෙක්ව ගෙන්න ගන්න පුළුවන්.


දැන් ප්රශ්ණේ එන්න ස්ටුඩන්ට් කෙනෙක්ට බැඳපු කෙනාව ගෙන්න ගන්න පුළුවන්ද කියන එක?


මුලින්ම ජපන් ලැංවේජ් ස්කුල් එකක ඉන්න අවස්ථාව ගමු. ලැංවේජ් ස්කූල් යන ගමන් බැඳපු කෙනාට වීසා ගැනීමේ හැකියාව දැන් විතරක් නෙමෙයි Dependent වීසා බොහොම ලෙහෙසියෙන්ම වැදුන 2010/11 කලින් කාලේදී පුළුවන් වුනේ නෑ. ආගමන උප්දේශකයින් කීප දෙනෙක් එක්කම කතා කරලා බලලා මාගේ නිගමනය ලැංවේජ් ඉස්කූල් යන ගමන් Dependent ඇප්ලයි කරන එක බොරු වැඩක්. වීසා වැදෙන් නෑ.


ස්ටුඩන්ට් වීසා තියෙන අයට Dependent ගෙන්න ගන්න බැරිද? උත්තරය පුළුවන්! හැබැයි ලොකු ගැටළුවක් නැතිව තමන්ගේ බැඳපු කෙනාව ගෙන්න ගන්න පුළුවන් විශ්ව විද්යලයක පාශ්චාත් උපාධි කරන කට්ටියට   විතරයි.ආගමනන නීතී උපදේශකයිනුත් එකඟ වෙනවා පොස්ට් ගැජුවට් අයට Dependent වීසා ගන්න අපහසු නැති විත්තිය ගැන.


විශ්ව විද්යල යන කාර්මික විද්යල යන අයට Dependent වීසා ඇප්ලයි කරලා මෑතකාලීනව වැදුන අවස්ථා බොහෝම විරලයි..

වීශේෂිතම අවස්ථාවක් හැරුණාම වැදෙන් නැහැ කියලා කියන්න පුළුවන්.


වීසා ප්රතික්ශේප වෙන්නේ, ස්ටුඩන්ට් ඉන්න කෙනාට යැපෙන්නෙක්ව නඩත්තු කරන්න හැකියාව නැහැ කියලා ආගමන බියුරෝව නිගමනය කරන හින්දා. දැනට අවුරුද්දු 3,4 කලින් නම් student වීසා අයට කිසිම කරදරයක් නැතිව Dependent මත තමන්ගේ බැඳපු කෙනා ගෙන්න ගැනිමේ හැකියාව තිබුනා. තැනදී කලේ යැපෙන්නාව අවුරුද්දකට ජීවත් වෙන්න අවශ්ය යෙන් වලින් ලක්ෂ 20,30 මුදලක් ගිණුමක දලා ආගමන බියුරෝවට ඉදිරිපත් කරන ඒක. දාන මුදල් වීනාඩී කීපයකට වැඩිය ගිණුමේ තියෙන්න නැති විත්තිය ආගමන බියුරෝව අවබෝධ කර ගත්ත දවසේ ඉඳන් ස්ටුඩන්ට්ලාට Dependent වැදෙන් නැතිව ගියා.


දැන් තියෙන තත්වය අනුව කාර්මික විදුහල්/ විශ්ව විද්යාල student ලටත් Dependent ලබා ගැනීමේ හැකියාව අඩුයි. බහුතරයක් ආගමන නීතී උපදේශකයෝත් ලංකීක ශිෂ්යයින් වෙනුවෙන් Dependent ඇප්ලයි කරන වැඩ බාර ගන් නැහැ.මෑත කාලීනව කවුරු හරි දන්නවානම් එහෙම වීසා අර ගත්ත තැනක් දැනුවත් කරන්න.


මේතැනදී, කොහොම හරි student ඉන්න ගමන් Dependent වීසා අරගෙන තමන්ගේ බැඳපු කෙනා ගෙන්න ගන්න ඕනේ කියලා හිතන් ඉන්න අයට ඒකට ක්රමයක් නම් තියෙනවා.ටිකක් කට්ට කන්න ඔනේ.මේකදී ආගමන බියුරෝවට තමන් ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක් කියන එකයි, එන කෙනාට ජීවත් වෙන්න අවශ්ය තරම් මුදලක්  තියෙනවා කියන එකයි ඔප්පු කරවන එක අවශ්යයි.මේ විදහට කිසිම අවුලක් නැතිව Dependent වීසා අර ගත්ත මාගේ හිතවතුන් දෙන්නෙක්ම ඉන්නවා.ඉන් එක්කෙනෙක් අර ගෙන දැන් මාස දෙකක්වත් නෑ.

   1. ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක් කියලා පෙන්නන විදහ.

එකම ක්රමේ ජනප්රිය විශ්ව විද්යාලයකට/කාර්මික විද්යලයකට තෙරේන එක...ආගමන බියුරෝව දන්නවා මහන්සි වෙලා ඉගෙන ගන්න කෙනෙක්ට හැර හොඳ ඉස්කොලේකට යන්න බැරි විත්තිය.හොඳ විශ්ව විද්යලායක ස්ටුඩන්ට් අයිඩී එකට ගොඩක් දේවල් ජපානේ කරගන්න පුළුවන් විත්තිය අළුතෙන් කියන්න ඔනේ නෑනේ..එහෙම ඉස්කොලේකට නම් යන්නේ නීතී උපදේශකයෝත් වැඩේ "කරලා බලමු "කියලා භාර ගන්නවා.


ඊලඟ තමයි මුදල යම්කිසි කලා සීමාවක් තුළ කොටස් වශයෙන් ජපානයට ගෙන්නලා පෙන්නන එක.හිතමු අපි ලක්ෂ 20 පෙන්නවා කියලා.එහෙනම් මාසෙට ලක්ෂ 2 ගාණේ ගෙන්නපු වාර්තා පෙන්න එක. ඒකෙන් ආගමන බියුරෝවට ලංකාවේ ස්පොන්සර්ට මාසේට ලක්ෂ 2 ගානේ එවන්න හැකියාව තියෙන විත්තිය ඔප්පු කරන්න පුළුවන් වෙනවා.